ලොව ජංගම දුරකථන භාවිත කරන්නන් අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති Nokia E7 ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට පෙරේදා (26 වැනිදා) කොළඹදී හඳුන්වා දුන්නේය.
ඒ අනුව පාරිභෝගික ඔබට ආසන්නතම බලය ලත් Nokia දුරකථන අලෙවිසල්වලින් හා තෝරාගත් සොෆ්ට්ලොජික් මධ්‍යස්ථානවලින් සහ ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් දැන් මම Nokia E7 දුරකථනය මිලදීගත හැකිය.
Nokia E7 නවතම ජංගම දුරකථනයෙන් පුද්ගලික ඊ-මේල් ගිණුම් 10 ක් වෙත පහසුවෙන් ප්රවේශවීමේ හැකියාව, PDF ලිපි ගොණු Adobe Reader මෘදුකාංගය මගින් කියවා ගැනීමේ හැකියාව සහ Microsoft Office ලිපි ගොනු නිර්මාණය කිරීමේ හා සංස්කරණය කිරීමේ හැකියාව, ආරක්ෂිත වේගවත් අන්තර්ජාල ප්‍රවේශය, HD වීඩියෝ පහසුකම්, මෙගා පික්සල් 8 කැමරාව, LED Flash සමග උසස් තත්ත්වයේ ඡායාරූප පහසුකම් සමගින් වීඩියෝ සහ ඡායාරූප පුළුල් තිර දර්ශන සඳහා HDMI සම්බන්ධතාව, 16GB Flkash දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව, USB භාවිත කිරීමේ හැකියාවෙන් සමන්විතය.
අඟල් 4 ටච් පහසුකම් ඇති තිරය සහ පුළුල් පරාසයක විහිඳුණු Ovi Store ව්‍යාපාරික මෘදුකාංග යෙදවුම් සහිත මෙම දුරකථනය ඔබ කාර්යාලයෙන් පිට සිටියද ඔබේ කාර්යයන් වඩාත් පහසු කර දෙයි. ඔබට පුළුල් විනෝදාශ්වාදී සහ බහුමාධ්‍ය සේවා පහසුකම්ද ලබාදෙන අතර Microsoft සහ IBM වැනි තාක්ෂණයේ දැවැන්තයන් සමග සහයෝගීව ව්‍යාපාරික මෘදුකාංග යෙදවුම්ද ඔබට ලබාදෙන Nokia E7 ස්මාර්ට් දුරකථනය ඔබගේ ජීවිතයේ පැeදිලි සගයකු වනු ඇත.
"ජංගම දුරකථන භාවිත කරන්නන් එය තාක්ෂණික උපකරණයක් ලෙස තම පුද්ගලික ජීවිතයටත් රාජකාරි ජීවිතයටත් පහසුකමක් ලෙස භාවිත කරන්නයි නිතරම උත්සාහ කරන්නේ. එය තාක්ෂණය පාරිභෝගිකකරණය කිරීමක් ලෙස හඳුන්වනවා. සේවා ස්ථානය හා සම්බන්ධ වෙමින් ආරක්ෂිතව තම ආයතනික කටයුතු කර ගැනීමට Nokia E7 ස්මාර්ට් දුරකථනය පහසුකස් ලබාදෙනවා යෑයි Nokia සමාගමෙහි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ශබ්ලී හබීක් අහමඩ් මහතා කියා සිටියේය.
ඔබ කලාකරුවකු, ව්‍යාපාරිකයකු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු, ලොව පුරා සංචාරය කරන්නට අරමුණු කරගෙන සිටින්නකු යන කවර වර්ගයකට අයත් පුද්ගලයකු වුවත් ඔබට අවශ්‍ය ලොව හොඳම දහස් ගණනක් මෘදුකාංග යෙදවුම්, බිලියන ගණනක්වූ සංගීත කණ්ඩයන් සහ සාර්ථක කෙටි පණිවුඩ සේවා අත්දැකීමද Nokia E7 ස්මාර්ට් දුරකථනය භාවිතාවෙන් ඔබට ලබාගත හැකිවෙනවා යෑයිද ඒ මහතා කියා සිටියේය.
ආයතනික වශයෙන් Nokia E7 ස්මාර්ට් දුරකන භාවිත කරන පාරිභෝගිකයන්ට ආරක්ෂිතව එවෙලෙහිම Microsoft Exchange sever හරහා ඊ-මේල්, දින දර්ශක සම්බන්ධතාවන් සහ ආයතන නාමාවලි වෙත ප්රවේශවීමේ හැකියාව තිබේ. Microsoft සමාගම Nokia E7 දුරකථන වෙනුවෙන් නිර්මාණය කළ මෘදුකාංග නිර්මාණයක් වන Office Communicator Mobile මගින් Nokia E7 ස්මාර්ට් දුරකථනවල ආයතනික පණිවුඩ සේවා පහසුකම් කඩිනම් කර තිබේ.
ලොව පුරා රටවල් 80 ක මෙම පහසුකම් භාවිතාවට ගනු ලබන අතර ඔවුන්ගේ නවතම OviMaps වාණිජ විසඳුම් Ovi Store, Ovi Suite වෙතින්ද nokia.mobil සහ nokia.com වෙබ් අඩවි වෙතින්ද ලබා ගැනීමේ සහ බාගත කර ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයන්ට තිබේ. කෙටි මාර්ග, දුම්රිය කාලසටහන්, රථවාහන තදබදය, වාහන නවතා තැබීමේ පහසුකම් සහ ඉන්ධන පිරවුම්හ් තොරතුරු, වේග සීමා දැනුවත් කිරීම් වැනි තොරතුරුද ලබාගත හැකි මෙම Ovi Maps නවතම මෘදුකාංග යෙදවුම් දැන් Nokia Beta Labs මගින් නොමියේ බාගත කර ගැනීමට හැකියාව ඇත.
0 comments:
Post a Comment