Tuesday, May 10, 2011

දෝනිගේ ජීවිත කතාව (දෙවන කොටස)

දෝනි නවය පන්තියේදි රේල්ලුවට

වයස අවුරුදු 12-13 වන විටම දෝනි කවදා හෝ රටේ නමගිය ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වනු ඇතැයි ඔහුගේ දක්‍ෂතා දකින අසල්වැසියන් දෝනිගේ දෙමාපියන් සමග පැවසීය.

වයස 15 වන විට මහේන්ද්‍ර සිං දෝනි නම අන්ද්‍රා ප්‍රාන්ත පාසල් ක්‍රිකට්‌ තරගාවලියට ඇතුළත් වුණි. ඔහු බිහාරි ප්‍රාන්තය නියෝජනය කරමින් එම තරගාවලියට පිට පිටම වසර 4ක්‌ ක්‍රීඩා කිරීමට වරම් ලැබීය. වයස අවුරුදු 15වන විටම දෝනි පිළිබඳව මාධ්‍ය වාර්තා පළවන්නට විය. බිහාරි ප්‍රාන්තයේ පුවත්පත් වල ඔහුට නිරන්තර ඉඩක්‌ වෙන්වන තරමට දෝනිගේ දක්‍ෂතා ඉහළ මට්‌වටමක වුණි. මේ හේතුවෙන් ප්‍රාන්තයේ ක්‍රිකට්‌ විශයෙහි උනන්දු ආයතන රැසක්‌ දෝනිව තම කණ්‌ඩායමට එක්‌ කරගැනීමට විය. අවසානයේ ඒ අවස්‌ථාව හිමිවූයේ දුම්රිය දෙපාර්තුමේන්තුවටයි. ඉන්දියාවේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක්‌ දක්‌වන දුම්රිය දෙපාර්තුමේන්තුවට දෝනි එකතුවෙන විට ඔහු සිටියේ රැකියාවක්‌ කරන වයසක නම් නොවීය. දෝනි දුම්ර§ය දෙපාර්තුමේන්තුවට එකතුවන විට ඔහු පාසලේ 9 වැනි පංතියේ ඉගෙනුම ලබන සිසුවකු විණි. දිගින් දිගටම දක්‌වන ලද දක්‍ෂතා හේතුවෙන් දෝනිsට දිගින් දිගටම විවිධ ක්‍රීඩා සමාජ සහ ආයතන වලින් තම කණ්‌ඩායමට ක්‍රීඩා කරන ලෙසින් ඇරයුම් ලැබිණි. ඒ අනුව විටින් විsට නොයෙකුත් කණ්‌ඩායම් නියෝජනය කිරීමේ අවස්‌ථාව දෝනි සතුවිය. ඒ හැමවිටකම තමන් නියෝජනය කරන කණ්‌ඩායම වෙනුවෙන් උපරිමය ලබා දීමට දෝනිට හැකියාව ලැබුණි.

සී.කේ.නායි. අන්ද්‍රා පළාත් පාසල් තරගාවලියෙන් පටන් ගත් දෝනි අනතුරුව පිළිවෙලින් රං කුසලාන තරගාවලියද, දුලිප් කුසලාන තරගාවලියද ක්‍රීඩා කරමින් ජාතික මට්‌ටමේ තරගාවලි වලට ක්‍රීඩා කිරීමේ වරම් ලැබීය. දුලිප් කුසලාන තරගාවලියේදී ඔහුට එක්‌ තරගවාරයකට අවමය තරග දෙකක්‌ හෝ ක්‍රීඩා කිරීමට සිදුවිය. සිය කණ්‌ඩායම දක්‍ෂතා දක්‌වමින් ඉදිරියට ගියේ නම් එයට වඩා වැඩි තරග සංඛ්‍යාවක්‌ ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබුණි. මෙම තරග රටපුරාම තැනින් තැන පැවැත්වුණි. මේ අනුව තම තරග වෙනුවෙන් සුවිසල් ඉන්දියාව පුරා කරක්‌ ගැසීමට දෝනිට සිදුවිය. විටෙක ඔහු ඒ වෙනුවෙන් පන්ජාබයට ගියේය. තවත් විටෙක ගයානා වෙත ගියේය. තවත් අවස්‌ථාවක ආන්ද්‍රා ප්‍රදේශයට යන්නට යෙදුණි. මෙම තරගාවලියේ සියළු තරග සජීවි විකාෂන තරග විය. දෝනිට සමහරක්‌ පළාත් වල පැවැත්වෙන තරග වලට සහභාගී වීම පිණිස තරග ඇරඹීමට නියමිත දිනට දින දෙකකට පෙරාතුව තම නිවසින් පිටත්වීමට සිදුවුණි. ඒ අනුව ඔහු තරගාවලියේ එක්‌ තරගයක්‌ සඳහා සහභාගීවීමට සතියක පමණ කාලයක්‌ කැප කළයුතු විය. 

මෙවැනි කාලසටහනක්‌ යටතේ සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යැම පිණිස අප්‍රමාන වෙහෙසක්‌ දැරීමටද දෝනිට සිදුවුණි.

නවයේ පංතියේ දුම්රිය දෙපාර්තුමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ දා පටන්ම ක්‍රිකට්‌ සමග අධ්‍යාපන කටයුතු සමබරව පවත්වාගෙන යැමේ අභියෝගයට ඔහු මුහුණ දුන්නේය. දෝනි පළමුව ඉගෙනගත් පාසලෙන් අස්‌වී ග්‍රොස්‌න+ විද්‍යාලයට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමාපියෝ වරෙක තීරණය කළහ. එහෙත් තම පුත්‍රයාව එම විදුහලට ඇතුළත් කරගැනීSම පිණිස වරක්‌ දෙවරක්‌ නොව සිව් වරක්‌ම අයෑදුම්පත් පිරවීමට දෝනිගේ දෙමාපියන්ට සිදුවිණි. මුල් අවස්‌ථා තුනේදීම විදුහලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන විභාගයට සහභාගීවීමට දෝනිට නොහැකි වීම එයට හේතුවයි. එම අවස්‌ථා තුනේදීම විභාගයට දින යෙදුණේ ඔහුට ක්‍රිකට්‌ තරග යෙදී තිබුණු දින වලටය. එහෙත් දෝනිගේ මුල් තේරීම ක්‍රිකට්‌ විය. එබැවින් ඔහු සිය තීරණාත්මක විභාග කටයුතු පවා දෙවැනි තැන තැබීය. වරෙක ඔහු 12 පංතියට සුදුසුකම් ලැබීමේ විභාගයට මුහුණ දීමට නියමිත විය. ඒ වන විට දෝනි සී.සී.එල් සමාගමේ කණ්‌ඩායම නියෝජනය කරමින් සිටියේය. සිය සුදුසුකම් ලැබීමේ විභාගය පැවැත්වෙන දිනයටම දෝනිට සී.සී.එල් කණ්‌ඩායමේ තරගයක්‌ද යෙදී තිබුණි. මේ අවස්‌ථා දෙකින් කුමක්‌ තොරාගන්නේද යන උභතෝකෝටික පැනය දෝනි ඉදියේ පැන නැගුණි. මේ අවස්‌ථාවේදී දෝනිගේ යහළුවන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය. ඔවුන් ඔහු වෙනුවෙන් ප්‍රවාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කළේය. පෞද්ගලික රථයක නංවාගෙන දෝනිව විභාග මධ්‍යස්‌ථානයට රැගෙන පැමිණි ඔව්හු විභාගය අවසන් වූ වහාම දෝනිව රැගෙන දුම්රියපළට ගියහ. ඒ පිහිටෙන් තම විභාගයත් තරගයත් දෙකම සාර්ථක කරගැනීමේ හැකියාව ඔහුට ලැබිණි. දෝනි ක්‍රිකට්‌ වලට පළමු තැන දුන්නද තම ඉගෙනීම් කටයුතු වෙනුවෙන්ද අප්‍රමාන කැපවීමක්‌ කළ බව දෝනිගේ දෙමාපියෝ පවසති. ක්‍රිකට්‌ යනු තම අධ්‍යාපනයට නැවතීම් තබන්නට හේතුවක්‌ නොවන බව දෝනි නිතර පවසා තිබේ.

දෝනිගේ ආහාර පිලිවෙත තරමක්‌ වෙනස්‌ වූවකි. ඔහු කොල පැහැති එලවඵ කෑමට අකමැතිය. එනිසා තම පුතු වෙනුවෙන් නිතර අල ජාති වලින් සෑදූ කෑම වර්ගයක්‌ පිලියෙල කිරීමට දෝනිගේ මවට සිsදුවිය. දෝනි ජාතික මට්‌ටමෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාවට පිවිසෙනතුරු කිසිදිනක මාංශ ආහාර අනුභව නොකළේය. නැවුම් එලකිරි මිස ඇසුරුම් කරන ලද එලකිරි නොබීවේය. තමන්ට ඇසුරුම් කරන ලද කිරිවල කටුක ගන්ධයක්‌ එන බව දෝනි ඒ දිනවල පවසන්නේය. එහෙත් ජාතික මට්‌ටමට පිවිසීමත් සමග නැවුම් එලකිරි සොයාගැනීම පහසු නොවීය. එහෙත් දෝනිට එලකිරි නොබී සිටිය නොහැකි විය. දෝනි කෙමෙන් අසුරන ලද කිරි බීමට හුරුවිය. එසේ කළ මුල් දින වල කිරි පැකට්‌ටුව තම කටට ළං කළේ නහය වහගෙනැයි දෝනි පවසයි.

දෝනිගේ පවුලේ උදවිය අදටද ඔහුගේ තරග නැරඹීට ක්‍රීඩාංගණයකට නොයයි. පවුලේ කෙනෙක්‌ තම තරගය නැරඹීමට පැමිණ ඇතැයි හැගුනොත් තමන්ට එය අතිරේක පීඩනයක්‌ වන බව දෝනි පවසයි. කලෙක දෝනිගේ මවගේ පියා ඔහු ක්‍රීඩා කරන තරග නැරඹීමට යැම පුරුද්දක්‌ කරගෙන සිටියේය. එහෙත් එය දෝනිට නුරුස්‌සනා දෙයක්‌ විය. එවිට දිගටම තරග නරඹන්නට නොඑන ලෙස සීයාට පවසන්නයෑයි මවට කී දෝනී එය නතර කළේය. 

1999-2000 වකවානුව වන විට මහේන්ද්‍ර සිං දෝනි සිය පළමු පෙළ ක්‍රිකට්‌ දිවිය ඇරඹීය. එහෙත් ඔහුට ජාතික කණ්‌ඩායමට එක්‌වීම පිණිස තවත් වසර 5ක්‌ පමණ බලා සිටීමට සිදුවිය.

ඉන්දීය ඒ කණ්‌ඩායමේ සාමාජිකයකු වෙමින් කෙන්යාවේ තරග සංචාරයක යෙදුණු (2004) දෝනි එහිදී තම ප්‍රහාරක හැකියාව ඔප්පු කළේය. එපමණක්‌ නොව ඉන්දියාවට කලක සිට තිබූ දක්‍ෂ කඩුලු රකින්නකුගේ අවශ්‍යතාවද සපිරීමට තමන්ට හැකි බවට ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එය ඔහුට ජාතික කණ්‌ඩායම නියෝජනය කරමින් පෙරළිකාර ගමනක්‌ ඒමට අවකාශ සලසා දුන් සංචාරයක්‌ වුණි. 2004 දෙසැම්බර් 23දා ජාත්‍යන්තර එක්‌දින තරග වරම් ලැබූ දෝනි එදා බංගලිදේශයට එරෙහිව සිය ප්‍රථම තරග අත්දැකීම ලැබීය. එම තරගය බංගලිදේශයේ චිතගොංහී පැවැත්වුණි. එහෙත් ඔහුගේ කුඵදුල් ජාත්‍යන්තර තරග අත්දැකීම සුබදායක නොවීය. තමන් මුහුණදුන් ප්‍රථම පන්දුවෙන්ම දෝනි පිටියෙන් ඉවත්වූයේ දුවද්දී දැවී යැමකට හසුවීමෙනි. මහේන්ද්‍ර සිං දෝනිගේ පළමු එක්‌දින තරග 4ම ඔහුටද ඉන්දියාවටද සුබඵල ගෙනදුන් ඒවා නොවීය. එහෙත් තම 5වැනි තරගය දෝනිට සුවිශේෂී විය. 

විශාකා පට්‌නම්හිදී පාකිස්‌තානයට එරෙහිව පැවැති මෙම තරගයේදී පන්දු 123 කදී ලකුණු 148 ක්‌ ලැබුවේ හතරේ පහර 15ක්‌ සහ හයේ පහර 4ක්‌ සමගිනි. තමන් කඩුලු රකින්නකු පමණක්‌ නොව අංක එකේ පිතිකරුවකුද බව එහිදී සනාථ කළ දෝනී තම ප්‍රථම එක්‌දින ජාත්‍යන්තර ශතකය සමග ප්‍රථම තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය. එදා එම සුපිරි ඉනිම ඉන්aදියාවේ අංක එකේ ප්‍රතිවාදියා වන පාකිස්‌තානයට එරෙහිව වීමද එහි අගය කිහිප ගුණයකින් වැඩිකිරීමට හේතුවිය.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...