Thursday, March 17, 2011

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය

අන්තර්ජාල තුළ සිදුවන වංචා ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දෙන්න.

අන්තර්ජාලය භාවිත කිරීම, ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරී හා විනාශකාරී දේ සිදු කිරීමට පෙලඹී ඇතැයි ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනයේ හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක ලාල් ඩයස්‌ මහතා පැවසී යෑයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ ආයතනයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම නිවේදනයේ සඳහන් අන්දමට විශේෂයෙන් Facebook වැනි සමාජ සම්බන්ධතා වෙබ් අඩවිවලට පිවිසෙන අය ගේ රහස්‌ මුරපද (Password) ප්‍රයෝගකාරීව සොරකම් කිරීමට ද ඇතැම් කූට පුද්ගලයින් පෙලඹී සිටින්නේ එමගින් මුදල් ඉපැයීමේ අරමුණිනි. අන්තර් ජාලය තුළ සිදුවන මෙවැනි අපරාධකාරී සහ වංචාකාරී ක්‍රියා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනය වෙත දන්වන්නේ නම් පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනයේ www.slcert.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්‌තර ලබා ගත හැකි ය. 

1 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...