Wednesday, March 23, 2011

ගඩාෆිගේ අවසානය ළඟද?

ලොවම ගඩාෆිට එරෙහිව යයි...... ගඩාෆිගේ අවසානය ළඟද?

දැන් ලිබියාවට දිගට හරහට ගුවන් ප්‍රහාර, මිසයිල ප්‍රහාර එල්ල වෙනවා.

මේ වන විට ඇමරිකා එක්‌සත් ජනපදය, ප්‍රංශය, එක්‌සත් රාජධානිය, ඉතාලිය, කැනඩාව, ස්‌පාඤ්ඤය, ඩෙන්මාර්කය, බෙල්ජියම මේ වනවිට ප්‍රහාරවලට එක්‌ව සිටින්නේ මිත්‍රපාක්‌ෂික රටවල් ලෙසින්.

මේ ප්‍රහාරවලට මඟ සැලැසුණේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්‌ඩලය ලිබියාවට එරෙහිව ගුවන් ගමන් තහනම් කලාපයක්‌ සහ ලිබියාවේ සාමාන්‍ය ජනතාවට එල්ලවන ප්‍රහාර නවතාලන්නට යෝජනා සම්මත කරගැනීමෙන් පසුවයි. ආරක්‍ෂක මණ්‌ඩලයේ සාමාජිකයන් පහළොස්‌ දෙනා අතරින් පස්‌ දෙනෙක්‌ම නිෂේධ බලය හිමි අය.

ඒ ඇමරිකාව, ප්‍රංශය, චීනය, රුසියාව හා මහා බ්‍රිතාන්‍යය යන රටවල්. මේ රටවල් අතරින් එක්‌රටක්‌ හෝ විරුද්ධ වුණොත් ආරක්‍ෂක මණ්‌ඩලයේ යෝජනාවක්‌ සම්මත කරගන්න බැහැ. ඒත් ලිබියාවට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාවේදී රුසියාව හා චීනය ඇතුලු රටවල් පහක්‌ ඡන්දය දීමෙන් වැළකුණා. ඒ නිසා පනත සම්මත වුණේ පහළොවට දහයක්‌ ලෙසින්. කවුරුත් විරුද්ධ වුණේ නැහැ.

ලෝකෙම හිතන් හිටියේ මේ යෝජනාවේදී රුසියාව හා චීනය විරුද්ධ වෙයි කියලා. හැබැයි චීනයයි, රුසියාවයි නිහඬ වීමත් සමඟ ඒ රටවල් දෙක ගැන විතරක්‌ විශ්වාසය තියන් ඉන්න ලොව බොහෝ රටවල් තේරුම් ගත්න ඇති යථාර්ථය.

ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා පවසන්නේ මේ සටන ලිබියානු සිවිල් පුරවැසියන් බේරාගැනීම සඳහා බවත් ගඩාෆි බලයෙන් ඉවත්විය යුතු බව ඇමරිකාවේ තීරණය බවත්ය. ලිබියාවට එරෙහි ප්‍රහාර ඇරඹුවේ ප්‍රංශය. ඉන්පස්‌සේ ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය. ගුවන් ප්‍රහාර හා මිසයිල ප්‍රහාර ගඩාෆිගේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයටත් එල්ල වුණා. ලිබියාව පවසන්නේ ප්‍රහාර වලින් ලිබියාවේ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් මිය යන බවයි. සිය ගණනින් එල්ලවන මිසයිල ප්‍රහාරවලින් ලිබියාවේ ප්‍රධාන මධ්‍යස්‌ථාන රැසක්‌ මේ වනවිට විනාශ වෙලා. මේ ප්‍රහාර ගැන ලොව විවිධ පිරිස්‌ විවිධ මත දරනවා.

රටකට එරෙහිව මෙවැනි ප්‍රහාර අනුමත නොකරන අය වගේම ගඩාෆිගේ මුරණ්‌ඩුකම් මෙන්ම ගඩාෆිගේ ප්‍රහාර නිසා මියයන සිවිල් වැසියන් ගැනත් අමතක කරන්න බැහැ.

අන්තිමට ගඩාෆිපිටත් සදාම් හුසේන්ට අත්වුණු ඉරණම අත්වේදැයි කියන්නත් බැහැ.

ජනිත සෙනෙවිරත්න විසින් අද (23) දිවයින පුවත් පතෙහි පලකල ලිපියක්.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...