Thursday, March 31, 2011

අපරාජිත සමුගැන්ම!

ඔහු කිසිදිනක පරාජිතයකු නොවීය. අවාසනාවන්ත යකුද නොවීය. නොපසු බට වීර්ය පෙරටු කර ගත් ගමනක යෙදුණු මොහු ශ්‍රී ලංකාවේ නම ලොව ඉහළින්ම ඔසවා තබන්නට සමත් වූ මුත්තයියා මුරලිදරන්ය.
වර්ෂ 1972 අප්‍රේල් මස 17 වැනිදා උපත ලැබූ මුත්තයියා මුරලිදරන් කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහලෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව ආරම්භ කර 1993 අගෝ. 12 දා ඉන්දියාවට එරෙහිව පළමු එක්‌දින තරගයට සහභාගි විය. එතැන් සිට පිතිකරුවන්ගේ භීතියට පත් පන්දු යවන්නකු ලෙස ක්‍රමයෙන් ඉහළටම ගිය මුරලිදරන් පෙරේදා (29 දා) තම මවු බිමේදී දඟ කැවූ අවසන් ජාත්‍යන්තර දඟ පන්දුවෙන්ද කඩුල්ලක්‌ දවා ගැනීම අදහාගත නොහැකි විශ්මකර්මයක්‌ බඳුය.

මුරලිගේ පාසල් ක්‍රිකට්‌ ආරම්භයේදීම තම ශාන්ත අන්තෝනි විදුහල් කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට විශාල සටනක්‌ දීමට සිදුවිය. වේග පන්දු යවන්නකු ලෙස ක්‍රිකට්‌ පිටියට පිවිසි මුරලිදරන්ට පාසල් කණ්‌ඩායමේ අනිකුත් වේග පන්දු යවන්නන් සමග ගැටීම අසීරු විය. ඒ අනිකුත් වේග පන්දු යවන්නන් ඔහුට වඩා උස්‌ මහත් වූ හෙයිනි. අනතුරුව කණ්‌ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ අඩුව පිරවීම පිණිස මුරලි එදා ගත් නිවැරදි තීරණය ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවේ දඟ පන්දුවෙන් ඔටුනු පැළදීමට තරම් ඔහු වාසනාවන්තයකු විය.

ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියේ වැඩිම කඩුලු (800) ලාභියා සහ එක්‌දින පිටියේද වැඩිම කඩුලු ලාභියා (534) ලෙස ඔටුනු පළ¹ සිටින මුරලිදරන් අනිද්දා (02) තම ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියේ අවසන් තරගයට සහභාගි වන්නේ ශ්‍රී ලංකාවට නැවත වරක්‌ ලෝක කුසලාන ජයක්‌ සමග සමුගැනීමේ අපේක්‍ෂාවෙනි. "මම අභියෝගයක්‌ ජය ගෙන සමුගන්න කැමතියි. අවසන් ටෙස්‌ට්‌ තරගයේදී කඩුලු 8 ක්‌ ලබා ගෙන ටෙස්‌ට්‌ කඩුලු 800 සම්පූර්ණ කරමින් සමුගැනීම මගේ ඉලක්‌කයයි" එය ඔහු කළේය. ලෝක කුසලාන තරගාවලියෙන් පස්‌සෙ එක්‌දින පිටියෙනුත් සමුගන්නවා. ඒක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන නැවත වරක්‌ දිනා දෙමින් සමුගැනීම සමරන්න මම බලාපොරොත්තු වෙනවා." යෑයි මුරලි සිය ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදීම තීරණය කරමින්ද පැවසීය..

මුරලිගේ ඒ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට ඔහු මේතාක්‌ වාසනාවන්ත විය. අවශ්‍යව ඇත්තේ ලෝක කුසලාන ජය පමණකි. කඩුලු 800 දවා ගැනීමට ඉන්දියානු ඉනිමේ අවසන් කඩුල්ල තෙක්‌ බලාසිටීමට මුරලිට සිදුවිය. තම මවුබිමේදී සහභාගි වූ අවසන් එක්‌දින තරගයේ යෑවූ අවසන් පන්දුවෙන්ද කඩුල්ලක්‌ ලබාගැනීමට මුරලි වාසනාවන්ත විය. ඔහුට තවත් ඇත්තේ අභියෝග දෙකකි. එනම් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වීමේ වාර්තාවට හිමිකම් කීමට තවත් කඩුලු 4 ක්‌ දවා ගැනීම (තව කඩුලු 3 ක්‌ දවා ගතහොත් වාර්තාවේ සමකරයි) සහ නැවත වරක්‌ ලෝක කුසලාන දිනා ගැනීමයි. මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඔක්‌සිජන් සැපයූ මුරලිදරන්ට එම අභියෝගය ජය ගැනීමේ සිහිනයද පහසු වනු ඇතැයි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ එකම ප්‍රාර්ථනය වනු ඇත.

වාර්තා පිට වාර්තා තබමින් පන්දුවෙන් ලොවක්‌ මවිත කළ මුරලි දැනට ටෙස්‌ට්‌ සහ එක්‌දින කඩුලු 1334 ක හිමිකරුවෙකි. එක්‌දින තරගවලදී ඔහු කඩුලු 534 ක්‌ දවා ගැනීම සඳහා දඟ කැවූ පන්දු සංඛ්‍යාව 18763 කි. ලෝක කුසලාන තරගාවලි පහකදී කඩුලු 68 ක්‌ දවා ගෙන තිබේ. මුරලිගේ එක්‌දින හොඳම පන්දු යෑවීම ඉන්දියාවට එරෙහිව ලකුණු 30 කට කඩුලු 7 ක්‌ ලෙස සටහන් වේ.

මුරලිගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 19.05 ක්‌ වැනි ඉහළ අගයක්‌ ගනිද්දී ඔහුගේ පන්දුවාරයකට පිතිකරුවන් ලබා ඇත්තේ දළ ලකුණු 3.85 ක්‌ වැනි ප්‍රමාණයකි. නමුත් අධික පුහුණුවීම් සහ වෙහෙසකර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් මුරලි විඩංගු කළ අසීමිත කැප කිරීම මත ඔහු මේ වන විට සුළු ආබාධයකින් පෙළෙයි. එම ආබාධය සහිතව ඔහු තරග දෙකක්‌ අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග ක්‍රීඩා කළේය. අවසන් තරගයට පෙරද සම්පූර්ණ සුවය ලබමින් සියලු බලාපොරොත්තු ඉටු කරගැනීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත. දින වකවානු වලින් වයසට ගියද මුරලි තවමත් එදා වගේමය. ආරම්භයේ සිටම අවසානය දක්‌වා එක ලෙස දස්‌කම් මුවහත් කළ මුරලි වැන්නකු ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදුන්නද ඉදිරියේදී ඔහු මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් තව බොහෝ දේ කරුණු ඇත.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...