Wednesday, March 16, 2011

Firefox 4 Release Candidate

Firefox 4 හි Beta Version භාවිතා කිරීමට අකමැති අය සදහා එහි නවතම Release Candidate Version එක දැන් නිකුත් කොට තිබේ. Release Candidate යනු Beta Version එක හා Release Version එක අතරමැදි අවස්ථාව වේ. 

 Firefox 4 භාවිතා කිරීමට හේතු
1. වේගය (Speed)
Firefox භාවිතා කරන්නන් වෙනත් වෙබ් බ්‍රව්සර් වෙත නැබුරු වුයේ එහි වෙබ් පිටුවක් load වීමට ගතවන කාලය අනෙකුත් වෙබ් බ්‍රව්සර් වලට සාපේක්ෂව තරමක් වැඩි බැවිනි. නමුත් Firefox 4 හි බවිත වන නව javascript engine මගින් එහි rendering කාලය අවම කර ගැනීමට අවකාශය ලබා දී ඇත. එමගින් gmail වැනි script බවිත වන වෙබ් sites ඉතාමත් වේගයෙන් load කිරීමේ හැකියාව ලැබී ඇත.

2. ආරක්ෂාව  (Security) 
Firefox 3 වලට සාපේක්ෂව Firefox 4 හි සුරක්ෂිත බවය ඉතාමත් වැඩිය.



3. The Cloud
Firefox 4 සදහා එක් කර ඇති නවතම විශේෂාංගයක් වන මෙය භාවිතයෙන් තම බ්ව්සරයේ අඩංගු සියලු දත්ත (bookmarks,passwords,tabs) පහසුවෙන් වෙනත් පරිගණකයකට ගෙන යනමේ හැකියාව ඇත. මෙය Android සහ iOS උපාංග සදහාද භාවිතා කල හැකිය.

4. HTML5 Support

Firefox 4 HTML5 තාක්ෂනය සදහා බෙහෙවින් ක්‍රියාකාරී වන ලෙස නිපදවා ඇත.


5. පෞද්ගලිකත්වය (Privacy)
Firefox 4 භාවිතය මගින් ඔබගේ පෞද්ගලිකත්වය 100% ආරක්ෂා කෙරේ.

6. නව පෙනුම (New Looks)
Firefox 3 වලට සාපේක්ෂව Firefox 4 හි පෙනුමෙහි දක්නට ලැබෙන පැහැදිලි වෙනස වන්නේ Firefox 4 හි URL එක tab එක තුලට ඇතුලත් කිරීමයි. එමෙන්ම නිතර භාවිතාවන sites කුඩා tab ලෙස තබා ගැනීමේ හැකියාවද ලබා දී ඇත.






7. Addons
සැමදාමත් මෙන් ඉතාමත් අනගි addons ලබාගැනීමේ හැකියාව Firefox 3 හි මෙන්ම Firefox 4 ද ඇතුලත්ව තිබේ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...