මුදල්, වාහන, ඉඩම්, ගෞරව උපාධි, ක්‍රීඩාංගණ
වත්මන් ලෝක ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ වාසනාවන්තම ක්‍රිකට් කණ්‌ඩායම වෙමින් 2011 ලෝක කුසලාන ඉන්දියාවට දිනා දුන් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිළට එරට විවිධ සමාගම් සහ රජය මගින් දහසින් බැඳි පියළි ත්‍යාග වශයෙන් ලබාදී තිබේ.ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයකුටම හයිහුන්ඩායි (Hyundai) සුඛෝපභෝගී මෝටර් රථය බැගින් ත්‍යාග ලබාදීමට ඉන්දියානු රජය තීරණය ඇත. ඒ අතර තරගාවලියේ වීරයා සම්මානය දිනූ යුවරාඡ් සිං හට හුන්ඩායි රථයට අමතරව අවුඩි (මාස) මෝටර් රථයක් ලබාදී තිබේ.
ඉන්දීය දුම්රිය අමාත්‍යංශය මගින් ලෝක කුසලාන සංචිතයේ සිටි සියලුම ක්‍රීඩකයන්ට පළමු පංතියේ වායු සමීකරණය කළ දුම්රිය බලපත්‍රයක් ජීවිත කාලයටම වලංගු වන පරිදි නොමිලේ ලබා දී තිබේ. ඉන්දියාවේ රාඡ්කෝට් ප්‍රාන්තයේ කොන්ත්‍රාත්කරුවකු විසින් සෑම ක්‍රීඩකයකුටම දිල්ලි නගරයෙන් ඉඩම් කට්‌ටි බැගින් ත්‍යාග වශයෙන් පිරිනමා ඇති අතර එහිදී ඉන්දියානු පුහුණුකරු ගැරී කර්ස්‌ටන් හටද ඉඩමක් ලබාදී තිබේ.
ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්‌ඩල මගින් සෑම ක්‍රීඩකයකුටම ඉන්දියන් රුපියල් කෝටිය බැගින් මුදල් ත්‍යාග ලබාදීමට කටයුතු කර තිබේ. ඉන්දියානු ගුවන් සමාගමේ නියෝජිතයන් වශයෙන් කටයුතු කරන ඉන්දියානු ක්‍රීඩකයන් සිව්දෙනකු එහි කළමණාකාර තනතුර දක්‌වා උසස්‌වීම් ලබාදී ඇති අතර එහිදී ඔවුන් ක්‍රිකට් තරග සහ පුහුණුවීම් නොමැති අවස්‌ථාවලදී රාජකාරී කටයුතු වලට වාර්තා කරනු ඇතැයි එම ගුවන් සමාගම විශ්වාස කරනු බයි.
ඉන්දියානු කර්නාටක ප්‍රාන්ත ඇමැතිවරයකු විසින් ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතයට ඉඩම් කට්‌ටි බැගින් ලබාදීමට පොරොන්දු වී ඇත. මීට අමතරව ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් හට උත්තරකාන්ඩ් ප්‍රාන්තයෙන් ඉඩමක් හෝ නිවසක් බැගින්ද හිමිවීමට නියමිතව ඇත.
මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු කණ්‌ඩායමට 28 වසරකට පසු ලෝක ක්‍රිකට් කිරුළ දිනා දීම වෙනුවෙන් ඔහුට ගෞරව ආචාර උපාධියක් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර ඔහුගේ නමින් ක්‍රීඩාංගණයක්‌ද ඉදිකිරීමට යෝජිතව ඇත.
ආගමට දහමට ලැදි ක්‍රීඩකයකු ලෙස සලකන ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනි සිය ජයග්‍රහණයෙන් පසු දිනම කෙස් භූ ගා ඇත්තේ භාරයක් ඔප්පු කිරීම වෙනුවෙනි. ඒ සඳහා දෝනිගේ ආධ්‍යාත්මක ගුරුවරයෙක් උපදෙස් දී ඇති බවද වාර්තාවේ.
මහේන්ද්‍ර සිං පෙනී සිටින වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් මිලියන 100 ක් ලාබ ලබන අතර සචින් ටෙන්ඩුල්කාර් පෙනී සිටින වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් මිලියන 60 ක් ලාබ ලබන බවද වාර්තා වේ.


0 comments:
Post a Comment