- ඕලූ නමින් නිර්මාණය වී තිබෙන ප්‍රතිරූපයට ඔබට සාධාරණයක් ඉෂ්ට කළ හැකිවේද?
ඕලු කලින් කළේ කවුද කියලා මට අදාළ නැහැ. මොකද ඕලු දෙවැනි කොටසට සම්බන්ධ වී සිටින හැම දෙනාම අලුත් අය. ඕලු පළවෙනි කොටස ඉවරයි. දෙවැනි කොටසෙදි කළේ ඕලු කියන නම පාවිච්චි කරපු එක විතරයි. පිටපත ලියන කෙනාගේ ඉඳලා රඟපාන ශිල්පීන් වගේම නිර්මාණයේ පිටුපස ඉන්න හැම පුද්ගලයම වෙනස්. ඒ නිසා මගේ රංගන ජීවිතේ මේක තව එක් චරිතයක් විතරයි. ඒක වෙනස්‌ම විදිහකට ප්‍රේéකයාට ඉදිරිපත් කිරීම තමයි මගේ කාර්යය. ඒ නිසා ලොකු දෙයක් මේකෙදි මට දැනෙන්නේ නැහැ.
- ප්‍රේක්‌ෂකයා ඕලූ ලෙසට ඔබව වැලඳ ගනීවිද?
ඒ තීරණය තියෙන්නේ ප්‍රේක්‌ෂකයා අතේ. මේ වෙනකම් මම රඟපෑ කිසිම චරිතයක් ඔවුන් ප්‍රතික්‌ෂේප කරලා නැහැ. ඕලු කියන්නේ අහිංසක චරිතයක්. මංජුලාත් ප්‍රතිරූපයෙන් අහිසංකයි. සමහරු මමයි මංජුලායි ගොඩක් එක සමානයි කියලත් කියනවා මට ඇහිලා තියෙනවා. ඒ නිසා චරිතය අතින් අසාධාරණයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.
- නිර්මාණය පැත්තෙන් මේක අසාධාරණයක් නෙමෙයිද?
ස්‌වර්ණවාහිනියෙන්ම තමයි මට කතා කරලා මේ චරිතය කරන්න පුළුවන්ද කියලා ඇහුවේ. එතකොට කලින් නිර්මාණය ගැන මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. ඇයි පරණ අයවම සම්බන්ධ කරනොගන්නේ කියලා. ඒ හැම එකකටම සාධාරණ හේතු කිව්ව නිසා තමයි මම චරිතය භාරගත්තේ. එතන ලොකු ප්‍රශ්නයක් මට දැනෙන්නේ නැහැ.
- සහෝදර නිළියකගේ අවස්‌ථාවක් පැහැර ගැනීමක් කියලා හිතෙන්නේ නැද්ද?
පැහැර ගැනීමක් වෙන්නේ මම බලහත්කාරයෙන් කතා කරලා මාවම ගන්න කියලා ඉල්ලගෙන ආවනම්. මට කතා කළේ ඔවුන්ම යි. මංජුලාට ඕලු දෙවැනි කොටසට සම්බන්ධ වෙන්න බැරි හේතු සාක්‌ෂි ඇතුව මට කිව්වා. මේ අවස්‌ථාවට මම බැහැ කිව්ව නම් තව ඕනතරම් අය ඉන්නවා මේ චරිතේ රඟපාන්න. සමහර විට ඕලු තුන්වෙනි අදියරට මාව ගන්නේ නැති වෙන්න පුළුවන්. කෙනෙක් රඟපාමින් හිටිය චරිතයකට එකපාරටම ආවනම් ඒකේ ගැටලුවක් තියෙන්න පුළුවන්. නමුත් මට මේක ප්‍රශ්නයක් නෙමෙයි.
- මේ අවස්‌ථාව මංජුලාටම ලැබුණනම්?
මංජුලා මේකේ දෙවැනි කොටසටත් සම්බන්ධ වුණානම් ඇත්තටම මම කැමතියි. ඇය මට පසුව ෙéaත්‍රයට සම්බන්ධ වුණු කෙනෙක් වුණත් මගේ හොඳ සහෝදර නිළියක්. ඇගේ රංගනය මම අගය කරනවා.
- මංජුලාගේ ඉවත් කිරීම ගැන අද සමාජයේ බොහෝ දෙනා ඔබට චෝදනා කරනවා කිව්වොත්?
මට ඒක අදාළ නැහැ. එහෙම ගත්තොත් හැමෝම ගැනම කතා කරන්න ඕනේ. මොකද කලින් රඟපාපු කිසිම කෙනෙක් මේකේ නැති නිසා. ඒක මගේ වගකීමක් නෙමෙයි. මම කළේ ඕලු කියන චරිතය රඟපෑ එක විතරයි. ඔයිට වඩා ගැටලු මේ ක්‍ෂෙත්‍රයේ නැතුවා නෙමෙයි. කොහොම නමුත් මේකේ ලොකු ප්‍රශ්නයක් මතුවෙලා කියලා මට නම් දැනෙන්නේ නැහැ.
20 වන ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගැනීමකි.


0 comments:
Post a Comment