නම - දිලිනි ලක්‌මාලි තිරිමාන්න
ගම - කොස්‌ගම
පාසල - ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය සහ ශ්‍රී සිද්ධාර්ථ මහ විද්‍යාලය කළපළුවාව
උපන් දිනය - 1990 මැයි 16
ලග්නය - තුලා
ගම - කොස්‌ගම
පාසල - ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය සහ ශ්‍රී සිද්ධාර්ථ මහ විද්‍යාලය කළපළුවාව
උපන් දිනය - 1990 මැයි 16
ලග්නය - තුලා
දිලිනි ලක්‌මාලි තිරිමාන්න නමැති මේ නව පරපුරේ යොවුන් තරුණිය ඔබට හමුවන්නේ ටෙලි නිර්මාණ සමගයි. එහිදී වැඩි දෙනෙක් ඇය හඳුනාගන්නේ පසුගියදා නිමා වූ නිල් නෙතු හි මානවී ලෙසට ය. එපමණක් නොව මේ දිනවල තවත් අලුත් නිර්මාණ ද්විතයකින් ම ප්‍රේක්‍ෂකයා හමුවට ඇවිත් රංගන ක්‍ෂේත්‍රයේ දිදුලන මේ දිලිනි කවුද?
- නිමේකා මානවී, ස්‌වර්ණා මේ නම් තුනෙන් වැඩියෙන්ම කැමැති මොන නමටද?
මානවී කියනවාට
- ඇයි ඒ?
මානවී හැටියට තමයි මාව බොහෝ ප්‍රේක්‍ෂයන් අතරට ගියෙ. සහ ගොඩක් අය මට ආදරේ කළේ.
- ඒ ආදරේ ලබන්න අවස්‌ථාව ලැබුණු හැටිත් මතක් කරමු.
2008 අවුරුද්දේ ස්‌වාධීන රූපවාහිනිය මගින් පැවැත්වූ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරි වුණේ මම. ඊට පස්‌සේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියගේ වැඩමුළුවකට සම්බන්ධ වුණා. එතනදී රවින්ද්‍ර විඡේරත්න අයියයි, තරංග දිසානායක අයියවයි මුණ ගැහුණා. ඔවුන් නිසා ජානක සිරිවර්ධන මහතාගේ පිනිබින්දු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්‌ථාව ලැබුණා.
- දැන් ටෙලි නාට්‍ය කීයක විතර රඟපාල තියෙනව?
ටෙලි නාට්‍ය පහළොවක විතර.
- ක්‍ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු තුනයි
- රඟපාපු නිර්මාණ අතුරෙන් වැඩියෙන්ම කැමති?
පිනිබින්දු නාට්‍යයේ නිම්මිටයි. නිල්නෙතු හි මානවීටයි.
- විශේෂ හේතුවක් තියෙනවද?
පිණිබින්දු මගෙ මුල්ම ටෙලි නාට්‍යය. නිල් නෙතු කලිනුත් කිව්වා වගේ මාව බොහෝ ප්‍රේක්‍ෂක පිරිසක් හඳුනගත්ත නාට්‍යය.
- මොන විදිහකින් හෝ රංගනට පිවිසීම ගැන අද සතුටුද?
නැටුම් ගැයුම්වලින් පාසල් කාලේ ඉඳලම මම වේදිකාවට ගොඩක් සමීපයි. ඇඟේ ඒ දේ තිබුණ නිසා වෙන්න ඇති අවුරුදුÊකුමාරි වෙලා ඇවිත් මේ වගේ ගමනක් ඇවිත් තියෙන්නේ. අද මට ලොකු සතුටක් දැනෙන්නේ.
- රඟපෑම සඳහා ආසාව විතරක් තිබීම සුදුසුකමක් ද?
නැහැ. ආසාව විතරක් මදි. හැකියාව අනිවාර්යයි. ප්‍රේක්‍ෂක සිත් ඇද ගන්නා සුළු රූපයක් තිබුණත් හැකියාව නැත්නම් රැඳෙන්න අමාරුයි.
- වෘත්තියෙන් නිළියක් වෙන්නද බලාපොරොත්තුව?
දැනට නම් එහෙම තමයි. නමුත් පුංචි කාලේ ඉඳල ගුවන් සේවිකාවක් වෙන්නත් හීනයක් තිබුණා. ඒ වෙනුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්නවා. රංගන ක්‍ෂේත්‍රය තුළින් නව අත්දැකීම් ලබමින් යන නිසා අනාගතයේදී සුදුසු අංශයක් තෝරා ගන්නවා.
- නවක අයට ක්‍ෂේත්‍රයට පිවිසීම පහසුද?
දක්‍ෂකම තිබෙනවා නම් එය හඳුනාගෙන ආවාට කමක් නැහැ. ඒත් එහෙම ආසාව තිබිලත් එන්න අවස්‌ථාවක් නැතුව බලාගෙන ඉන්න පිරිසක් එළියේ ඉන්නවා. වාසනාව කියන දේත් මම දකින විදිහට ප්‍රධාන වශයෙන් බලපානවා.
- එලෙස පැමිණි කෙනෙකුට ප්‍රවීණයන්ගෙන් මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නේ.
අනෙක් අය ගැන කියන්න තරම් අත්දැකීමක් තාම මට නැහැ. මම නම් පුරුද්දක් හැටියට ප්‍රවීණයන්ගෙන් විස්‌තර අහනවා. එයාලගෙන් අපට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ආධුනිකයෙක් හැටියට මට වැඩ කරන්න ලැබුණු නිර්මාණවල හැම ප්‍රවීණයෙකුගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා.
- බොහෝ නවකයන් කියන දෙයක් තමයි එන්න පුළුවන් රැඳෙන්න අමාරුයි කියලා. ඒ ඇත්තද?
ප්‍රේක්‍ෂකයන්ට දැනෙන දේ කරමින්, ප්‍රේක්‍ෂකයා අධ්‍යයනය කරමින් යන කොට ඒවා ප්‍රශ්න නොවෙන්න පුළුවනි. කොහොමත් හොඳ දේ තෝරා ගැනීමේ ඉවක් තමුන්ට තියෙන්න ඕනෑ.
- ඔබ වඩාත් කැමැති දීර්ඝ ටෙලි නාට්‍යවලටද? සීමිත ඒවටද?
මේ වන තෙක් වැඩිපුර දායක වෙන්න ලැබුණේ දීර්ඝ ඒවාට. නමුත් දීර්ඝ හෝ සීමිත කියා මා එහි වරදක් දකින්නෙ නැහැ. නාට්‍යය නිර්මාණාත්මක නම් ඒ ඇති.
- ඔබ සෑහීමකට පත්වෙනවද ඔබේ රඟපෑම් ගැන?
බොහෝ විට රඟපෑ නාට්‍යයක් විකාශය වෙද්දී මේ චරිතය තවත් හොඳට කරන්න තිබුණනේ කියලා හිතෙනවා. ඇත්තටම මම තවම පටන් ගත්තා විතරයි. තාම රංගනයේ බාලාංශයේ ඉන්නවා කිව්වොත් හරි. ඉදිරියට යන්න තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. මුල් නිර්මාණයට වඩා ප්‍රගතියක් තියෙනවා කියලා දැනිලා තියෙනවා.
- ඇයි වැඩිපුර ගැමි චරිතම රඟපාන්නේ?
මගේ කොණ්‌ඩෙත් එක්‌ක ඒ චරිත සඳහා සුදුසු පෙනුමක් තියෙන බව තමයි බොහෝ දෙනා කියන්නේ. ඒ අතරට වෙනසක් ඉදිරියේදී රූගත කිරීමට නියමිත අනුර මාධව ජයසේකර මහතාගේ අලුත් නිර්මාණයේ මට රඟපාන්න තිබෙන තුෂාරී චරිතයෙන් එකතු කරන්න ලැබේවි.
- ඔබ ගැන ඔබට හිතෙන විදිය කොහොමද?
මම හරිම මිත්‍රශීලීයි. ඒ වගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මගේ පවුලේ අයට ගොඩක් ආදරෙයි.
- ඒ අයත් කවුද කියල කියමු?
අම්මයි, තාත්තයි, මල්ලියි. තාත්තා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මල්ලි පාසල් යනවා.අම්මා තමයි මම යන යන හැම තැනම මගේ ආරක්‍ෂාව වෙනුවෙන් හෙවනැල්ල වගේ ළඟින්ම ඉන්නේ.
- පුංචි තිරයේ විතරද රැඳෙන්න බලාපොරොත්තුව?
කපිල ක්‍රිෂාන්ත සූරියආරච්චිගේ ප්‍රතිරූ චිත්‍රපටයේ රඟපෑවා. සිනමාවේ ප්‍රවීණයන් රැසක් රඟපාන එවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබීම මගේ ලොකු වාසනාවක්. සනත් අබේසේකරගේ මහින්දාගමනය චිත්‍රපටයටත් පසුගිය දවස්‌ලව එකතු වුණා.
- රංගනය හැරෙන්න ඔබ සතු වෙනත් දක්‍ෂතා?
උඩරට නර්තනය පුළුවන්. සින්දු කියන්නත් ටිකක් පුළුවන්.
- වේදිකාව ගැන කතා නොකළාට රංගන ජීවිතයේ මුලින්ම සම්මානය ලැබුණේ එතැනින් නේද?
ඔව්. 2008 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මානය සුනිල් චන්ද්‍රසිරිගේ සිහිනවලට පාට දෙන්න වේදිකා නාට්‍යයේ මම රඟපාපු චරිතයට ලැබුණා.
- විශේෂ කෙනෙක් ගැන තාම හිතන්න හිතුවේ නැද්ද?
ඒවට තව ගොඩක් කල් තියෙනවා. තාම පොළොවෙ පයගහල හිටගන්න හැදුවා විතරයි.
06 වන ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගැනීමකි.


0 comments:
Post a Comment